Wednesday, January 9, 2013

ආගමෙ නාමයෙන්....................

                                     (ජායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගත්තක් බව සලකන්න) 
     මිනිස්සු
 ආගමේ නාමයෙන් ,
                            අන් ආගම වලට .................
                                       *  අපහාස  කරති 
                                       * ගැටුම් ඇතිකරගනිති 
                                       * රණ්ඩුකරගනිති 
                                      *  මිනිමරති 
     නමුත්,................
                        මොවුන් නොකරන එකම දේ නම්..........
                                       අදාල ආ
ගමනුකුලව  දිවිගෙවීම පමණි.....

28 comments:

  1. Yes .. I saw that meme on SL meme..realy gud wrk..
    gud rply to those idiots who z gonna make sm war thru religies views....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඒ ජායාරූපය ලොකු දෙයක් සමාජයට දෙනවා..
      මගේ කතාවට කෙලින්ම අදාල නොවුණත් මම ඒකම හොයලා දැමිමෙ අන්න ඒකයි..

      Delete
  2. ඔබ සමාජයේ පැතිකඩක් නිර්පාක්ෂිකව පෙන්වා දී තිබෙනවා.
    නමුත්, අපිට ඍජුව නොපෙනෙනා බොහෝ දෑ ද ඒ සමඟ ඈදී පවතිනවා.
    http://yadaminbeda.blogspot.com/2012/12/blog-post_8405.html

    ReplyDelete
  3. මේ දවස්වල සමහරු ආගම් සුද්ධ කරන්න හදනවා.. සමහරු ජාතීන් අවුලවන්න හදනවා... සමහර ඔය දෙකෙන්ම ප්‍රයෝජන අරගෙන තමන්‌ෙග මඩිය තර කර ගන්න හදනවා...

    සමහරු හැමදේම කියවලා බලලා, ප්‍රශ්න අහලා තේරුම් අරගෙන කියනවා මේවා වැරදියි, මේවා හරි කියලා.. තව සමහරු ප්‍රශ්න කරන්න නිදහසක් නැති නිසා පොතක් බලලා ඒකේ තියෙන දේ මොන විදියට කිව්වත් පිළිපදිනවා...

    මෝඩයෙක්ට කියලා දෙන්න ඕනෙ ඌට තේරෙන බාසාවෙන් කියලා මං හිතනවා...

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ මුණු පොත තහනමි කරන්න වෙයි සමහරවිට ඔහොම ගියොත්..
      අයුක්තියට අසාධාරණයට විරුද්ධව කතා කරන්න ඔන විදියක් තියෙනවා..
      ඒත් සමහර අපේම උන්????

      Delete
    2. අපේ උන් කෙලන්නෙත් පිස්සු.. උන් කෙලින්නෙත් පිස්සු.. මාත් සද්ද නැතුව දැන් සති දෙකක් විතර බලං හිටියා යන දේවල් ඔය ‌ෆේස්බුක් එකේ...

      Delete
    3. දැන් මම ඔය උඩින් දාපු වචන ටිකත් අද මුණූ පොතෙත් දැමිමා..
      ඒක දැකපු ගමන් කටිටිය සරමි උස්සගෙන එන්නෙ!..
      අනේ මන්දා මොනවා වෙලාද කියලා...
      දැන් නමි කියන්න තියෙන්නෙ..
      "අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ" කියලා තමයි

      Delete
  4. කළ යුතු එකම දෙයද ආගමානුකූලව දිවි ගෙවීම පමණි.

    ReplyDelete
  5. owa maath kata kadenakam kiyala athi ban..
    wadak nah...

    ReplyDelete
    Replies
    1. අපොයි ඔවි....
      මුණුපොතේ ඔක දාපු වම වැඩියෙන්ම කලබල වුණේ අපේ සිංහල බෞද්ධ යැයි කියාගන්නා
      බොරු ජාති ආලීන් නේ.....
      වැඩක් නැහැ...

      Delete
  6. ඔය දාලා තියෙන එක හා සමානවම මෙන්න මේකත් දැන් ෆේස් බුක් එකේ ෂෙයාර් වෙනවා... මේක දාලා තිබ්බේ මං දන්න මුස්ලිම් නංගි කෙනෙක්. වැඩේ හරියයිද බලමු... හි හි

    [im]182169_10152433514035118_415419945_n.jpeg[/im]

    ReplyDelete
    Replies
    1. අයියෝ මට ඔක පේන්නෙ නැහැනේ.... හි

      Delete
    2. ඒක දාන්න බෑ සුදා...

      ඒකේ තියෙන්නේ
      We want Allah's Law
      Not man made Law

      කියලා බෝඩ් එකක් අල්ලගෙන පාරට බැහැලා ඉන්න කට්ටියක්... අපේ රටේ මුස්ලිම් කට්ටිය හෝ ගාලා Like Share කරනවා...

      Delete
    3. මුස්ලිමි නීතිය නමි අපේ රටෙත් පිළිගන්නවනේ....
      ඔන දෙයක් ආයෙත් 1915 හා 1983 වගේ නැතුව...
      අපි ඔවා දැකලා නැහැ.. ඒත් අද බොරුවට වීරයො වෙන්න දගලන අය 80 න් පස්සෙ ඉපදුණ අය.. මොකද අපි එයාලා දැකලැ නැහැ ඔය ජාතිවාදි යකාගෙ නියම තත්වය..
      (එල් ටී ටී ඊ කියන්නෙ ජාතිවාදි දෙයක් නෙවෙයිනෙ)

      Delete
    4. ඒක තමයි ප්‍රශ්නේ මට තියෙන.. ඇයි එක රටක නීති දෙකක් කියන එක... එහෙම නෙවෙයි.. එක රටකට තියෙන්නේ ඕ‌ෙන් කඩන්න හරි එක නීතියයි..ඒ නීතිය ක්‍රියාත්මක කරන්න ආයතනයකුයි විතරයි... ඒකයි ඇත්තටම මෙතන තියෙන ප්‍රශ්නේ.. නැතුව අනිත් මිනිස්සු ඔක්කොම උසාවියට යද්දි මුස්ලිම් අය පල්ලියට ගිහින් නීති ප්‍රශ්න විසඳ ගන්න හින්දා නේද අද මේ අපේ රටේ ඇති වෙලා තියෙන ඔක්කොම ප්‍රශ්න වලට මුල... එයාලට අපේ නීතිය ක්‍රියාත්මක කරන්න ගියාම පල්ලිය අත දානවා... පොඩි ළමයි කසාද බන්දනවා පල්ලියෙන්.. සිංහල දෙමල එවුන් හිරේ යනවා එහෙම උනොත් .. මේකයි ප්‍රශ්නේ..

      ඒත් ඕකට ෆේස්බුක් එකේ ෆොටෝ ෂොයර් කරලා වැඩක් වෙන්නේ නෑ.. ඒක ඇත්ත...

      Delete
    5. පිංතූර දාන්න මුලින්ම ටෙම්ප්ලේට් එකට පොඩි ස්ක්‍රිප්ට් එකක් දාගන්න ඕන..
      මෙතනින් ගිහිං වැඩේ කරගන්න..
      http://nonimiahasa.blogspot.com/2012/08/blog-post_18.html#ixzz2G3imfhEj

      Delete
    6. ලංකාවෙ වැරුද්දක් ඒක කාතිවරයටත් පුලුවන් විනිසුරුවගේ නඩු මෙහෙයවන්න ඒක අසාධාරණයි...
      හැබැයි ඔකෙම තව දෙයක් තියෙනවා..
      ලංකාවෙ අනුමත් කරලා තියෙන්නෙ මුස්ලිමි නීතිය විතරක්ම නෙවෙයි..
      උඩරට නීතිය තේසවලාමෙයි නීතිය වගේ දේවලුත් තියෙනවා..
      අදටත් උතුරේ ඉඩමි සමිබන්ධව පවතින්නෙ තේසවලෙමයි නීතිය...
      මුලින්ම රටෙ ලොක්කා ඔකට මැදිහත් වෙනවා නමි ටක් ගාලා හැමදේම හරියනවා..
      ඒත් එයත් ජන්ද ගැනම හිතනවා නමි....
      ලොකු ගැටලුවක් ළගදිම මතුවෙයි..
      නියපොත්තෙන් කපන්න තිබිබදේ පොරවෙන් කපන්න තියන එකත් එයාටම බාරයි...

      Delete
    7. යාන්ත්‍රිකයා ස්තුතියි යාලුවා...

      Delete
    8. ඔයාගේ එකේ දැකලා තමයි කොලුවෝ දැම්මේ .. හරි ගියේ නෑ නේ..... හි හි ඔන්න බලමු දැන් හරි යයිද කියලා...

       [im]http://www.facebook.com/photo.php?fbid=10152433514035118&set=a.10151449499910118.831974.734960117&type=1&theater[/im]  

      Delete
    9. බොල හිරුවෝ.....
      ඒ ස්ක්‍රිප්ට් එක දාගන්න ඕන දිනපොතේ ටෙම්ප්ලේට් එකට... ඊට පස්සෙ හරියයි..:)

      Delete
  7. ආගමානුකූලව දවිගෙවනව කියන එක කවදාවත් වෙන්නෙ නැති දෙයක්... මොකද අපේ උන් තමන්ට මොකක් හරි පටවගන්න බලන නිසා...

    ReplyDelete
    Replies
    1. අන්න එතනයි වැරැද්ද තියෙන්නෙත්....

      Delete
  8. සහතික ඇත්ත මචං! +++++

    ReplyDelete
  9. ආගම් නිසා කෙලගන්නවට වඩා දැං ජාතීන් නිසා කෙල ගන්නෙ..

    දැං ඔය අනිත් අයගෙ ආගම් වලට අපහාස කිරීම ට්‍රෙන්ඩ් එකක් වෙලා

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...