Sunday, January 20, 2013

අවාරයේ යාල බලා ගිය ගමන (දෙවන දිගහැරුම)


දිනය :2013 ජනවාරි 07 
ස්ථානය: දුම්රිය තුල (හලාවත -කොළඹ )
වෙලාව :ප .ව 2.00 පහු වුනා පමණි..... 
සංයුතිය:  මාත්  එක්ක තව 4 ක් 
මාතෘකාව :මචන් කසුන් අපි  ගෙදර එන්නද next  week  එකේ වගේ .....



ඔන්න ඔහොමයි අපි යාල යන්න  plan  කලේ .. ඉතින් කසුන්ලගේ ගෙදර යනගමන්ම යාල වගේ තැනකටත් යමු කියල මුලින්ම කිව්වේ සංජු තමයි ...
14 වගේ යමු කියලා කතාකරගෙනම අපි ඉත්න් 07 වෙනිදා වෙන් වෙලා ගියා 
එත් තවත් එකෙක් එන්නම් කියපු නිසා උට පහසු ව්දියට
 අපි ගමන 15,16,17 කියන දවස් තුනට යොදාගත්තා ...

එත් 13 වෙනිදා ඔය එනව කියපු ඉතුරු එකා අයත් එන්න බැහැ යි කිව්වා කියමුකෝ ...
මොනව කරන්නද අපි එත් 15 වෙනිදාම ගියා ..(හැබැයි මෙ ගමන යනඑක ගැන වැඩි වීශ්වාසයක් තිබිබෙත් නැහැ නොවෙ... ගෙදරට කිවිවෙත් ඊට කලින් දවසෙ හවස)
තව ඉතින් ඔය ගමන මෙහෙන් පිටත් වෙද්දී වෙච්චා එක එක සිදුවීම් තියෙනවා ....
එත් එක්කෝ ඒවා දන්නා ගියොත් මට එකම type  කර කර ඉන්න වෙයි වගේ .....
ඔන්න අපි 15 වෙනිදා කසුන්ලගේ ගෙදර ගියා කියමුකෝ ..
අහ් කියන්න අමතක උනා ඔය කසුන් ඉන්නේ  තංගල්ලේ ...
තංගල්ලේ  ටිකක් විතර දුරයි  හැබැයි යාලට .....
එත් මොකෝ අපි 16 වෙනිදා කසුන්ලගේ වෑන්  එකේ  පිහිටෙන් උදේ 9.42 විතර වෙද්දී යාල ට 
කිලෝමීටර් 12 ක් විතර මෙහායින් සෆාරි  ජීප් එකක් එහෙම අරන් ඔන්න දැන් ඇතුලට යනවලු.......


කොහොමහරි ඒ 12 ත් ගියාට පස්සේ ටිකට් එහෙමත් අරන් අපි අපේ ගමන් මගේ යනවලු .....

එත් කෝ සත්තු ???......
යනවා යනවා  නෑ .... එත් කෝ සත්තු......
හැබැයි මීහරක් නම් හැමතැනම ඉන්නව ....
යකෝ අපි මීහරක් බලන්නද දැන් මෙහෙට ආවේ  කියල හිතුන .....




ඔන්න එතකොටම අපේ ජීප් එකේ රියදුරු මහත්තය අපිට අපේ ගමනේ පළමු සතා  ගාවින් නැවැත්තුව. ...
මොකෙක් කියලද හිතන්නේ අලියෙක්ද මුවෙක් ද ???......
හි හි දෙකම වැරදි අපි දැක්කේ ඔන්න ඔය පහල ඉන්න එක්ව තමයි ....
හැබැයි අපි දැක්කෙත් උව විතරයි උන්ගේ ජාතියේ එකකට එනකම්ම .....!






ඔන්න අපේ ජීප් එක ඉස්සරහට තව ජීප් එකක් දැන් හම්බුනා ....





අපේ ජීප් එකේ අන්කල් අර ජීප් එකේ අන්කල් ගෙන් ඇහුවේ අපි කවුරුත් පුල පුල  බලා  හිටපු සතා  ඉන්නවද කියල '......
මොක කියලද හිතන්නේ ??
මොකාද කියලා කියන්නත් දුකයි ඒ ජීප් එකේ අන්කල් කියපු ව්දියට නම් අලි  එයාලට හම්බුනේ නෑලු .......
මැදා කොලා  දැන් අලි  හොයන්නේ කොහෙන්ද ??............! දවස් 2ක් සොදුරු විරාමෙකින් පස්සේ  ඒ ගැන කියන්නම්  ....
කොහොමද අලි හොයාගත්තේ කියල ......

තරහ වෙන්න එපා ඉතින් අතර මගින් නැවැත්තුවා කියල ...
type කරන්න කම්මැලි වගේ එකයි ......
ප. ලි :වාර්ෂීක බිලොග් හමුවට සහභාගිවන මගේ දිනපොත කියවන යාලුවො ඉන්නවනමි ඒ ගැනත් සටහන් කරලම යන්න...මාත් තාම එක හමුවකට වත් සහභාගිවෙලා නැහැ......

15 comments:

  1. හී හී.. කම්මැලිකම ටිකක් අමතක කොරලා බ්ලොග් එක ලියමු...
    හොඳා හොඳා.. ඊළඟ ලිපිය දානකම් ඉන්නම්කො ඉතිං...

    ReplyDelete
  2. ඒක තමයි. පුදුම කම්මැලියෙක් නොවැ :-) ඒ වුනාට බ්ලොග් පෝස්ට් එක දිග නොවෙන එකත් හොඳා.

    ReplyDelete
  3. //හැබැයි මීහරක් නම් හැමතැනම ඉන්නව ....//

    hik hi හි හි හි... ඔන්න මං මුකුත් කිව්වෙ නෑ

    ReplyDelete
    Replies
    1. අනේ මොනවා හරි කියලා යන්න එපැයි..... හි හි

      Delete
  4. හික්... මෙයාල යාල ගිහින් මි හරක් බලලා.... අයියෝ.... සල්ලි...

    කම්මැලි නොවී ඉතුරු කෑල්ලත් ඉක්මනින්ම දාමු.....

    ReplyDelete
  5. අය්යො ඇයි බගෙට කිව්වෙ? ඉක්මනට ඉතුරු ටිකත් ඔනේ

    ReplyDelete
  6. හික්,මේ සහෝ යාල යන කාලයකුත් තියෙනවද?හරියට සිරිපාදේ වගේ....

    ReplyDelete
    Replies
    1. ඒකනෙ එහෙම කාලයක් නෑනේ...
      එතකොට අවාරෙ කියලනෙ කියන්නෙ??

      Delete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...