Tuesday, January 22, 2013

මොරටු ගැටුමෙන් ඔබිබට...........


සැලකිය  යුතුය :  මෙය හුදෙක්  එක්   පුරවැසියෙකුගේ  වන අතර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුල පවතින අදහස්     

                           ප්‍රකාශ කිරීමේ අයිතිය පදනම් කරගෙන ලියන ලද්දකි .
                           මෙයට එරෙහි වීම පක්ෂ වීම හෝ  සංශෝධන ඉදිරිපත් කිරීමට ඔබටද හැකියාවක් ඇත .

ලංකාවේ විශ්ව විද්‍යාල බහුතරයක ගැටුම් ඇත . එය අන්තර් පීඨ  හෝ එකම පීඨයක් තුල හෝ විය හැක .  එනම් එකම පීඨයක් තුල වන්නේ "අල" හෝ "වාත" ප්‍රශ්නයක් මුල්කරගෙනය .
නමුත් මොරටුව විශ්ව විද්‍යාලය තුල එවැනි සම්ප්‍රධායික  ගැටුම්  දක්නට ලැබීම උගහටය .
නමුත් මතක තබා ගත යුත්තේ එහිද අධ්‍යපනය ලබන්නේ  තරුණ ලේ සහිත උගත් සිසුන්  බවය .(ක්‍රියාවන්ගෙනුත්  එය පෙනේනම් පැසසිය යුතුමය )
එබැවින් එහිද ගැටුම් පවතී ..නමුත්  ඒ   සදහන් කල සම්ප්‍රධායික ගැටුම් වලින් ඔබ්බට ගිය ...
උපාධිය සදහා විශ්ව විද්‍යාල භූමියට පැමිණි  ඉංජිනේරු උපාධි අපේක්ෂකයන් සහ විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ජාතික තාක්ෂණ ආයතනයට ඩිප්ලෝමාවක් ලබාගැනීමට පැමිණෙන සිසුන් දෙපිරිසක් අතරය ..

ලිපියට පුර්විකාව වූ ගැටුම ගැන ඔබ දන්නා හෙයින් ඒ ගැන නැවත මතක් කිරීම බුද්ධිමත් ඔබගේ කාලය කාදැමීමක් වන බැවින් එයින් ඔබ්බට ගිය ක්‍රියා කලාපයක් ගැන කතාකිරීම  යයි හැගේ ..

මාහට මේ ගැන කතා කිරීමට ඇති අයිතිය කුමක් ද?
      * මා  ගණිත අංශයෙන්  උසස් පෙළ හදාරා තිබීම 
     *පළමුවර ප්‍රතිපල වලින් ඉංජිනේරු පීඨය ගිලිහි තිබීම 
     * NDT සදහා අවශ්‍ය  ලකුණු වලට වැඩි අගයක් ලබා තිබීම 
     * දෙවෙනි වරට උසස් පෙලට මුහුණ දී සිටීම 


ඉහත කරුණු සෑහේ යයි සිතමි .
      දුකට කරුණකි මේ ගැටුම් මාලාවට හේතුවන්නේ එක බත්පත බෙදාගෙන එක මේස පේලියේ හිද එකට අධ්‍යාපනය  වීමය (ලගදී සිදු ගැටුමට අදාල නොවේ )..
පැය  තුනක  ප්‍රශ්න පත්තරයකින් එක බත්පත බෙදාගෙන කෑවුන් අද සල්ලි වලට තණ්හාවෙන් මරාගන්න තත්වයටම පත්ව ඇත ..
එසේනම් වරද කාගේද ?
              සමාජ ක්‍රමයේද 

             අධ්‍යාපන ක්‍රමයේද 
             ජාතක වූ ක්‍රමයේද 

කාගේ හෝ වරදකින් අද සිදුව ඇත්තේ එයයි ...
          මුලික හේතුව වන්නේ වසර  කීපයක සිට  NDT  සිසුන් මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමට   
         කටයුතු කිරීමද ?
                   එසේනම් එය බරපතල ප්‍රශ්නයකි .... 

    ඉක්මමින් සියල්ල අමතක වන සිංහල  බහුතරයට නම් මෙය ගැටළුවක් නොවනු ඇත ..
    නමුත් NDT  පාඨමාලාවට ඉංජිනේරු පාඨමාලාවට වඩා ඉතිහාසයක්
   මොරටුව විශ්ව විද්‍යාල තුලදී හමුවෙයි .......
               එසේනම් ඇයි  NDT  සිසුන්වම ඉවත් කරන්නේ ? 
                                    එය සැබවින්ම දේශපාලන හේතුවකි...

       එයට වන්දි ගෙවිය යුත්තේ  සිසුන් නම් කවර කතාද ....!
             එත්  ඔවුන් යාමට අකමැති වන්නේ මොරටුවට ඇති නම නිසාද ?...                                     එසේනම් ප්‍රශ්නය තරමක් සංකීර්ණය ..... 

 මක්නිසාදයත් එසේනම් ඔවුන් මේ කරන්නේ අනුන්ගේ නම විකුණා කෑමක්   නොවේද    .....
දැනුමින් සන්නද්ධ නම් ඕන තැනක අධ්‍යාපනය ලැබීමට කැමති විය යුතුය ..... 


 ජිවිත වලින් වන්දි ගෙවීමට සිදුවීමත් වැඩි අතක නොවනු ඇත ....
මතක තබා ගත යුත්තේ මෙපමණකි ...
NDT  සිසුන්ට සාපේක්ෂව  විභාගයකදී eng.  සිසුන් ජය ලබා ඇත ..(තවද NDT යන්නේද ඉංජීනේරු සිහිනයම ඇත්තෝ පමණි....අනෙකුන් ඊට වඩා හොද පාඨමාලා කරා යොමු වෙති.. )

එබැවින් මෙම ගැටලුවට තාර්කිකව පිළිතුරක් දීම උගතුන් වන එම සිසු දෙපිරිසේම යුතුකමකි...


17 comments:

  1. මේ හැමදෙයකටම මුල සමාජය විසින් වපුරලා තියෙන ආකල්ප ඒ වගේම හීනමානය ඊර්ෂ්‍යාව සහ කුහක කම තමයි.ඔබ කියන විධිහට කවුරුන් හෝ ඉවත් විය යුතුයි එවිට හැමෝටම තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගන්න පුළුවන් වේවි

    ReplyDelete
  2. මල්ලී පිටින් බලලා ලියල තියෙන්නෙ... කැම්පස් එක ඇතුලට වරෙන්.. එතකොට උඹට යතාර්ථය තේරෙයි...

    ReplyDelete
    Replies
    1. ඔවි අයියෙ මොකද ඉතින් අපිට තාම ලියන්න වෙන්නෙ පිටින් බලලා තමයිනෙ...
      ඒකයි මම මුලිනුත් කිවිවෙ පිලිගැනීමි විරුද්ධ වීමි මෙන්ම සංශෝධනද ඔබ සතුවිය හැකි බව...

      Delete
  3. පිටින් බැලුවාම මට පෙන්නේ මෙතන තියෙන්නේ අර ඉස්සර තිබ්බ රදළ මහන්තත්තකම නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් තියලා... රඳළයෝ අනිත් අයව පහත් කළා, ඒ අයගේ කුලය, ධනය ගැන හිතලා.. ඕක හැමදාම ඉවසුවේ නෑ අනිත් අය.. මෙතනත් එහෙමයි කියලා මට හිතෙන්නේ...

    කට්ටියක් ඩිග්රි එකක් ගන්නවා, කට්ටියක් ඩිප්ලෝමා එකක් ගන්නවා... ඩිග්රිය ගන්න අය හිතනවා අරගොල්ලන්ට වඩා අපි ඉහලයි කියාල... එහෙම හිතලා එයාලව පහත් කරන්න උත්සාහ කරනවා .. ඇත්තටම වැදගත් දේ ඉගෙන ගන්න දේ හරියට ඉගෙන ගැනීම... මොකද ෆීල්ඩ් එකට ගියාම ඩිග්රිය වත්, ඩිප්ලෝමාව වත් නෙවෙයි වටින්නේ ඉගෙන ගත්ත දේ පාවිච්චි කරලා වැඩ කරන්න පුළුවන් වෙන එක...

    ReplyDelete
    Replies
    1. " ෆීල්ඩ් එකට ගියාම ඩිග්රිය වත්, ඩිප්ලෝමාව වත් නෙවෙයි වටින්නේ ඉගෙන ගත්ත දේ පාවිච්චි කරලා වැඩ කරන්න පුළුවන් වෙන එක"
      අනිවාර්යයෙන්ම ඒත් මෙක පිලිගන්න අකමැතිකමයි මුලිකවම ගැටලුව සංකීර්ණ කරන්නේ....

      Delete
    2. http://www.divaina.com/2013/02/01/news34.html

      Delete
    3. මෙතන තියෙන්නේ එහෙම ප්‍රශ්නයක් නෙවයි අනික අය රදලයන්ට ඉරිසියා කිරීම

      Delete
  4. Mokak hari awulak thyna kohe hari.. apitya eka kynna bane.. :(

    ReplyDelete
  5. මටනම් මේව තේරෙන්නෙ නෑ අයියෝ...:(

    ReplyDelete
    Replies
    1. No any place prepared for NDT institute to move to the outside. It's just proposal stage & only have land in Diyagama in-front of Mahinda Rajapahsha Internatioanl ground.
      If it do so, definitely its multimillion project. Cannot expect that money allocation from government.

      Delete
    2. http://www.divaina.com/2013/02/01/news34.html

      Delete
  6. මෙන්න NDT එවුන්ගේ ඇත්ත තත්වේ. NDT එවුන්ට කඩේ යන එවුනුත් පරිස්සම් වෙලා හිටපල්ලා.
    http://www.divaina.com/2013/02/01/news34.html

    ReplyDelete
  7. NDT යනු පීඨයක් නොවේ. MORA E යනු පීඨයකි. විශ්ව විද්‍යාලයකින් පීඨයක් ඉවත් කරන සිරිතක් නැත. ඉවත් කරනවානම් ඉවත් කල යුත්තේ තාක්ෂණික ආයතනයක් වන NDTය. එවිත් ඔවුන්ටත් දැනට විශ්ව විද්‍යාල වලින් පරිබාහිරව පවත්වාගෙන යන TTI, HNDE වැනි ආයතන මෙන් තමන්ටම අනන්‍යතාවයක් ගොඩනගාගත හැකිවනු ඇත. නැතිව මේ ලිපියේ සඳහන් වන්නක් මෙන් කිසිදු දේශපාලන බලපෑමක් එයට නැත.

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...