Wednesday, October 8, 2014

ඉතින් අවසරයි ජිවිතේ තවත් එක් හැරවුමකට




හ්ම්ම් ඉතින් කාර්යබහුල කාලෙකට පස්සේ ලැබුණ දිග නිවාඩුවේදී තමයි ආයෙත් blog ලෝකේ පැත්තේ එන්න හම්බුණේ ..හැබැයි එද්දී එතකොට මට මුණගැසුණ පරණ යාලුවෝ නෑ .. දැන් ඉන්නේ අලුත් පිරිසක් :)   එත් මොනදේ උනත් blog කලාව තාමත් ඉදිරියටම ගමන් කරනවා අභිමානයෙන් ...

අහ්හ් දැන් ඉතින් තව පොඩ්ඩෙන් කියන්න ගිය දේත් අමතක වෙනවනේ ..කොහෙද ඉතින් :)
මෙන්න මේකයි   මම දැන් ඉන්නේ කටුබැද්දේ තියෙන විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නේ .. ඉතින් මාස  4 ක් විතර ඉගෙන ගත්ත අපිව අපේ ජිවිතේ තීරණය කරනවයි කියන විභාගයකින් පස්සේ විවිධ department  වලට අපි කැමති විදියට දානවලු ..
මෙන්න මේවා තාම  අපේ uni  එකේ තියෙන්නේ
Chemical and Process Engineering
Computer Science and Engineering
Civil Engineering
Electrical Engineering
Electronic and Telecommunication Engineering
Materials Science and Engineering
Mechanical Engineering
Bio  Medical Engineering

ඉතින් මම තෝරාගත්තේ Chemical and Process Engineering කියන department  එක ..
"Standardizing, optimizing and scaling up
of production processes
in a commercially viable manner
through sustainable utilization of raw materials"
-Chemical & Process Engineering

camp  ගියපු කාලේ  වගේ ඇති වෙච්ච uni  එකේදී ඇති වේවි නැති වේවි තිබ්බ choice  එක අන්තිමට exam  results  ආපු කාලෙත්  ඇති වීම හොදට ගියා ... :)
ජිවිතේ අපි එක එක දේවල් පස්සේ යනවා ඒ යද්දී සමහර දේවල් මග ඇරෙනවා .. සමහර දේවල් මග අරිනවා .. අපිට යම් කිසිදෙයක් ලබාගන්න යම්කිසි කැපකිරීමක් කරන්න වෙනවා :) එක නම් සදාතනික සත්‍යක්  ...

ඉතින් මුලින් ලොකු GPA කට යන්න හීනයක් තිබුනත් අන්තිමට ඊට පොඩ්ඩක් අඩු අගයකින් නවතින්න සිද්ද උණා .. මොනවා කරන්නද හැමදේම වෙන්නේ මිනිස්සුන්ට නේ ....  මෙතන තමයි මගේ ජිවිතේ ඊලග අවුරුදු 3.5 ගත වෙන්නේ :)  uni ගියපු මුල් දවස් වලත් අපිට මේකට තමයි යන්න උණේ .. ඒ නිසා නුපුරුදු තැනක් නම් නෙවෙයි ... :)

හැබැයි ඒ දවස් වල කිව්වත් වගේ මගේ හීනේ තිබ්බේ ඉංජිනේරුවෙක් වෙන්න නෙවෙයි .. :(  එක අපේ අම්මලාගේ හීනෙකුත් නෙවෙයි හැබැයි මව එතනට තල්ලු වෙලා ඇවිත් :(   හීනේ එන්න එන්න ඈතට ගියා .. නීතිඥයෙක් වෙන්න අසාවෙන් හිටපු මට මෙතනින් නවතින්න වෙලා .. වාසනාව / ප්‍රතිපල හරහට හිටලා :)    එත් තාමත් සතුටින් නීතිඥයෙක් වෙලා යන්න හිටපු තැනට අද වෙනකොට ඉන්ජිනේරුවොත් ගිහින් තියෙනවා ..   මොරටුවෙන් ම ඉගෙන ගත්ත චම්පික රණවක කියන්නේ ඒ වගේ පුද්ගලයෙක් :)     මහින්ද රාජපක්ෂ වගේ වෙන්න බැරි නම් චම්පික වගේ හරි එතනට යන්න තමයි ආසාව  :)   (හුගාක්  අය  යන්න අකමැති තැනක් ..අනේ මන්ද ඇයි  කියලනම් ) ..

ජීවිතේට රස්සාවක් ඕනෑ  හැබැයි එක සතුටින් කරන්න පුළුවන් වෙන්නත් ඕනෑ :)  ඉතින් සමහර වෙලාවට හීන වලට යන්න බැරි වෙනවා සමහර වෙලාවට පුළුවන් වෙනවා :) ඉතින් අපි බලමු 20 වෙනිදායින් පටන් ගන්න අවුරුදු 3.5 මාව  මගේ හීන වලට අරන් යයි ද කියලා :)
ඉතින් අවසරයි ජිවිතේ තවත් හැරවුමකට  :) :)

4 comments:

  1. අලුත් හැරවුමට සුබ පැතුම්... අකුරු ටිකක් ලොකු කරමුද ?

    ReplyDelete
    Replies
    1. ස්තුති :) හා හොදයි ලොකු කරන්නම්

      Delete
  2. Replies
    1. හරි හරි ඉන්නව නේන්නම් :) ඒ අර කියනවට දැම්මේ හුගක් අය අලුතින් එකයි :) පරණ යාලුවන්ව අමතක නැතෝ :)

      Delete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...