Sunday, August 20, 2017

ඔබට සතුටුයි ද දැන්...



අද කාලේ තියෙන සින්දු ගොඩක් මෙලෝ රහක් නෑ කියලා තමයි හුගක් අය කියන්නේ. සමහරක් විට එකට හේතුව ගීතයක තනුව වෙන්න පුළුවන් . මොකද ඉස්සර සින්දුව ලියල ඉවර වෙලයි තනුවක් දැම්මේ. එත් දැන් වෙන්නේ හදලා දෙන තනුවට වචන දාල දෙන එකයි. ලංකාවේ දක්ෂ පද රචකයෝ හිටියට මෙලෝ රහක් තියෙන සංගීත වේදියෝ නම් නෑ.  සමහර විට රින්ග් ටෝන් පස්සේ යද්දී අපිට මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්නත් අමාරුයි. මොකද මේක ඔවුන්ගේ රස්සාව. demand එකක් තියෙන දේ තමයි ඔවුන් කරන්නේ. අද මම කියන්නේ යන්නේ ඒ මුකුත් නෙවෙයි මෑත කාලීන සින්දු කීපයකින් අල්ලා ගත්ත ලස්සන වචන ටිකක්. බලාගෙන යන්නකෝ මේවා එක පාරක් හරි ඔයාගේ දෙසවනට වැකිලා තියෙනවද කියලා. අහලා නැත්නම් මම සම්පුර්ණ සින්දුවමත් දාල ඇති. එකත් අහගෙනම යන්නකෝ.

1) “ඔබට සතුටුයි ද දැන් “

රුවන් හෙට්ටිආරච්චි ගායනා  කරන මේ පද පේලිය අඩංගු සින්දුව
 


2)  “දන්නේ නෑ වාගේ ඔබ ඉන්නවා
       මටම පුදුමයි ඔබමද කියා “
ගයාන් අරෝෂ  ගායනා  කරන මේ පද පේලිය අඩංගු සින්දුව


3) “මේවා හීනත් නෙවේ
     මහ පුදුමත් නොවේ “
ඉන්දික උදයන්ත  ගායනා  කරන මේ පද පේලිය අඩංගු සින්දුව



4) “නුඹ නෑ දන්නේ නෑ දන්නේ
     කඳුළු අවතැන් වෙලා “
නදීර නෝනිස්  ගායනා  කරන මේ පද පේලිය අඩංගු සින්දුව 


5)  “කකියන සුසුමේ පතුලේම රැදිලා
     අමතක නොවෙනා මතකයයි ඔයා “

ෂෙහාන් වීරවර්ණ  ගායනා  කරන මේ පද පේලිය අඩංගු සින්දුව



6)  “නැවත ඔබ හා සසරේ මතුදා
     එක් වෙන්න දින ගණිනා “

මිහිඳු ආරියරත්න  ගායනා  කරන මේ පද පේලිය අඩංගු සින්දුව


7)  “සමාජේ , දිනකදී අපේ නම වැජබෙ”

funky dirt  ගායනා  කරන මේ පද පේලිය අඩංගු සින්දුව 


8)  “පුදුමයි අද ලදුනේ ඔබ මාගේ වෙලා “

ටෙහන් පෙරේරා  ගායනා  කරන මේ පද පේලිය අඩංගු සින්දුව


9)  “වැරදුන තැන් ගැන සිත සිත ඇවිදින්
     නුඹ ලග පරදිනවා “

අනුෂ්ක උදාන  ගායනා  කරන මේ පද පේලිය අඩංගු සින්දුව 

10)  “පෙරවදනක් නැති
      අප පෙම් පුරාවතට
     මට කුමටද තව
     පසුවදනක් නුඹ ගෙන් “

නදීක ජයවර්දන  ගායනා  කරන මේ පද පේලිය අඩංගු සින්දුව


තව හිත ගියපු පද නම් ඕනා තරම් තියෙනවා. එත් දැනට මේ ඇති. ඔයාලත් හිත ගියපු මේ වගේ පද පේලි තියෙනවනම් අමතක නොකර ලියාගෙන යන්නකෝ.

------+-------+------+-------+------+-------+------+-------+------+-------+------+------

“යුවතියකට ඔබ ආදරේ නම් ඇයට පවසන්න “ <3

18 comments:

  1. ගීතයනම් හරියටම මතක නෑ.
    ඒත්
    "ඔය ඇස් අමතක වෙන්න ණම්
    මගේ ඇස් පියවෙන්න වෙයි"
    කියන පද ටික හදවතටම දැණුනු කොටසක්. සමාවෙන්න ඒ ගීතයේ ඉතිරි වචන හෝ ගායකයා හෝ මතකයේ නෑ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. චාමර වීරසිංහ තමයි කියන්නේ නම් ;-)
      එකත් ඇත්තටම ලස්සනම පද දෙකක්

      Delete
  2. ඔක්කොම පරන සින්දු වලට හිත ගියා

    ReplyDelete
  3. මම නම් කියන්නේ පදරචනා වලට හරියට මියුසික් නැති එක පලවෙනි අඩුව වෙන්න ඇති.

    මේකට 'සවසක මා' කියන සින්දුවත් එකතු කලොත් නරකද?
    https://www.youtube.com/watch?v=zK8Vu0X2gz0

    ප.ලි. පුද්ගලිකව නම් මම 'ඔබට සතුටුයිද දැන්' කියන ගීතයේ පදවල ලස්සනක් දකින්නේ නැහැ. එහි ඇත්තේ අදෝනා ගතියක් විතරයි.

    ReplyDelete
    Replies
    1. මම කිව්වේ ගීතය ලස්සනයි කියලා නෙවෙයි , ඒ ගීතයේ තියෙන මම කිව්ව වචන ලස්සනයි කියලා ;-)

      Delete
  4. මෑත යුගයේ පද රචනා වලින් මගේ හිත ගත්ත ගීත දෙකක් තමයි රයනිගේ "චංචල දෑසේ" සහ රූනිගේ "සප්ත ස්වරයයි" ගීත දෙක

    ReplyDelete
    Replies
    1. "සප්ත ස්වරයයි" සින්දුව නම් හිට් වෙන්නේ ඒ වොයිස් එකත් එක්ක වෙන්න ඇති. නැත්තම් ඒකත් වැලපුම් ගීතයක් වගේ වෙනවා. මාර වොයිස් එක නේද ?

      Delete
    2. අරවින්ද : සප්ත ස්වරයයි නම් සින්දුවක් විදියට මාත් ගොඩක් ආසයි . එත් එකේ හිතට යන විදියේ වචන නම් හම්බුණේ නෑ

      Delete
    3. ඒ පදරචනයේ රයිම් වෙන ගතියට මම ආසයි. එය තමයි අලංකාරයක් දෙන්නේ

      Delete
  5. මේ තියෙන හැම එකෙන්ම මටනම් හොදටම හුරු ඔබට සතුටුයිද දැන් කියන එක තමා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මම හිතන්නේ හැමෝටම හුරු වෙලා තියෙන්නේ

      Delete
  6. මට මතකත් ඔබට සතුටුයිද දැන් ...සින්දුව විතරයි...අපුරු ලැයිස්තුව...හැබැයි මගේ හිතට නම් යන්නෙම නෑ ඒ ගීත ....අපි පරණ පරපුරේ අය නිසා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. සින්දු නම් අපිටත් හිතට යන්නේ නෑ අප්පා ;( හුගක් වෙලාවට ලස්සන පද 2-3ක් එක්ක මෙලෝ රහක් නැති සින්දුවක් තාම තියන්නේ දැන් නම්

      Delete
  7. අප්පේ, අහපු නැති ඒවත් තිබුනා. මම ආසයි "සරත් සදේ" පද වැලට.

    "හැගුම් විහගුන්...තුරුල් වෙද්දී...සිතුම් සියොතුන්...ඉගිල්ලේවී
    ඔබේ දෙනුවන්...වහා දැල්වී...මගේ දෙනුවන්...පුරා විහිදේ..."

    ReplyDelete
    Replies
    1. ආ... ඔව් තමයි. ඒ ගීතයේ තියෙන්නෙම ප්‍රීතිය සහ ජවය නේද?

      Delete
    2. ඔව්..ඒ වගේම uncommon යෙදුම්

      Delete
    3. අහ්හ් මට ඇත්තටම අමතක උනා ඒ සින්දුවේ පද :-(
      එකත් ඇත්තටම ලස්සන පද ටිකක්

      Delete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...