Tuesday, August 8, 2017

Dettol වල අර ඉතුරු 0.1% ට මොකද උණේ ?



සති දෙකක් විතර මම ලිව්ව කතාව කියවලා ඔයාලට මහන්සිත් ඇති කියලා හිතුනා හින්දා මම ඔයාලගේ දැනුම පොතට වැදගත් වෙන දෙයක් අරගෙන ආවා.


 












මතකද dettol ගැන යන ad වලදී එයාලා හැම තිස්සෙම කියනවා 99.9% ක් විෂ බීජ නැති කරනවා කියලා.මතක නැත්නම් මේ තත්පර 5 ad එක බලන්නකෝ .


 එතකොට අපිට ඒක අහපු වෙලාවේ ඉදන්ම ආපු ප්‍රශ්නේ මොකක්ද ? ඔව් ඔව් ඉතුරු 0.1 % ට මොකද උණේ කියලා එහෙම නේද ?

අහ්හ් මම අද ඔයාට කියන්න යන්නේ ඇත්තටම ඒ ඉතුරු ටිකට මොකද වෙන්නේ කියලා.පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින ආයතන කියන විදියට කිසිම ආයතනයකට බොරු ප්‍රචාරණ සිද්ධ කරන්න තහනම්. එහෙම නැත්නම් ඔවුන් බොරු ප්‍රචාරණයක් සිද්ධ කලොත් ඒ වෙනුවට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එහෙම බැලුවම අපිට පෙන්නේ ඇත්තටම dettol ආයතනයටත් 100% විෂ බීජ නැති කරන්න බෑ කියලා. මොකද එහෙම පුළුවන් උනා නම් එයාලා කවදාවත් ඒක නොදා ඉන්නෙත් නෑ නේ.

ඔය කියන හැමදේටම සම්බන්ධ වෙන්නේ ලංකාවේ ගොඩක් අය ආස ( :p ) ගණිතය කියන විෂයම තමයි. සාමාන්‍යයෙන් විෂ බීජ වගේ දේවල් එක්ක ගනුදෙනු කරන ක්ෂුද්‍රජීවවිද්වතුන් එයාලගේ ගණනය කිරීම් වලට යොදාගන්නේ පල්ලෙහා තියෙන සුත්‍රය.

N කියන්නේ t කාලයකට පස්සේ ඉතුරු වෙලා තියෙන විෂ බීජ (ක්ෂුද්‍රජීව) ප්‍රමාණය  , No  කියන්නේ ආරම්භක විෂ බීජ (ක්ෂුද්‍රජීව) ප්‍රමාණය , ඔය Dකියලා කියන්නේ සාමාන්‍යයෙන් විෂ බීජ 90% කින් අඩුවෙන්න ගතවන කාලය එහෙම නැත්නම් එක log cycle එකකින් අඩුවෙන්න ගත වෙන කාලය .
තාම තේරුණේ නෑ වගේද ?
එහෙනම් මේ ටිකත් කියවන්නකෝ ...

මේකේ L කියන්නේ කොච්චරක් log cycles අඩු උනාද කියලා. හිතන්නකෝ 1000 ක් තිබුණ විෂ බීජ ගණන 100 ට ආවා කියලා අපි treatment කලාට පස්සේ . ඒ කියන්නේ log(1000)-log(100) = 3 -2 =1
ඒ කියන්නේ log cycle එකකින් විෂ බීජ අඩු වෙලා තියෙනවා.
උඩ තියෙන සමීකරනෙට දැන් L වෙනුවට 1 දැම්මනම් එනවා අපිට
p = 90% කියලා. ඒ කියන්නේ 90% කින් අඩුවෙලා විෂ බීජ . ඔයවගේ තමයි තව පාරක් treatment කලාම log(10) වෙනකම් අඩු වෙනවා. එහෙම නැත්නම් log cycles 2 ක් අඩු වෙනවා . දැන් L වෙනුවට 2 දැම්මනම් 99% ක් එනවා. 

    1
log reduction = 90% reduction
    2 log reduction = 99% reduction
    3 log reduction = 99.9% reduction
    4 log reduction = 99.99% reduction
 

විෂ බීජ තියෙන්නේ 1000 ක් 2000 ක් නෙවෙයි නේ විශාල ගානක්. එක නිසා log cycle 10 කින් අඩු කලත් 99.99999999  වගේ වෙනවා මිසක් කවදාවත් 100% ක් ඉවත් වෙන්නේ නෑ .

එකයි අර කියන්නේ 99.9 % ක් විෂ බීජ ඉවත් කරනවා කියලා. අනන්තයේදී තමයි 100% ක් විෂ බීජ ඉවත් කරන්න පුළුවන් වෙන්නේ. එත් අනන්තේ කියන එක අපිට ප්‍රයෝගිකව අත්දකින්න නම් අමාරුයි.

ඉතින් ඔයාලගේ පුංචි කාලේ ඉදන් තිබ්බ 0.1 % කට මොකද උණේ කියලා මම අද කිව්වා. එහෙනම් මේක නොදන්න අයටත් දැනගන්න කියන්න.

මට මේකට උදව් උණේ : ආහාර හා ජීව සැකසුම් ( Food and Bio Process Engineering ) කියන subject එක තමයි

10 comments:

  1. ඒ පැටලිල්ලත් හරි එහෙනම්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. food වලට ඔවත් කියලා දෙනවද සිරා එක

    ReplyDelete
  3. අදනෙ බොලේ ඒ පටලැවිල්ලට උත්තරේ හම්බුනේ...

    ReplyDelete
    Replies
    1. එකනේහ් ඉතින් අපිම ඉන්න ඕනා

      Delete
  4. කැම්පස් එකේදී අහු උනේ මේකේ රහස මට නම්....

    ඒවායේ ප්‍රයෝගික යෙදුම් නම් ඕනේ තරම් අපිට හම්බුනා. ඒ උනාට ඔබේ ලියවිල්ල බොහොම රසවත්

    ReplyDelete
  5. බලහන් ඉතින් අදනෙ ඒකත් දැනගත්තෙ

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...