Sunday, August 13, 2017

ජීවිතේට ආදරෙන් ....


ආදරේ කියන්නේ සුන්දර චාරිකාවක් . හැබැයි සුන්දර චාරිකාවක් කියලා කිව්ව පලියට ඒක සුන්දර වෙන්නේ නෑ. ඒක සුන්දර කරගන්න ඕනා. හැබැයි ඒ චාරිකාවේදී අපිට මල් වතු , දිය ඇලි විතරක් මුණගැසෙවි කියලා වැරදියට හිතන්න ගියොත් අපිට ඒ චාරිකාව අතරමග නවත්තලා දාන්න සිද්ධ වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔය චාරිකාවේදී ගිරි දුර්ග උණත් මුණ නොගැසේවි කියලා ඔයාට කියන්න නම් බෑ. ඔය වගේ ජීවිතේ අසීරු තැන් වලදී අපි අපිව පරික්ෂා කරන්න යනවා , ඒ කිව්වේ අපි අපේ ආදරේ පරික්ෂා කරන්න යනවා. ඉතින් අපේ ආදරේ මහා ප්‍රපාත වලට ඇද වැටෙන්න එක හේතුවක් වෙනවා කියලා අපිට ඒ වෙලාවට නොපෙනෙන්න පුළුවන්.

හැබැයි දෙදෙනාම දන්නවනම් අත් අල්ලා ගැනීමේ රහස කවදාවත් අනතුරකට ලක් වෙන්නේ නෑ. දැන් මොකක්ද මේ අත් අල්ලා ගැනීමේ රහස කියන්නේ . ඒක හරි සරල සිද්ධාන්තයක්. හිතන්න ඔයා ඔයාගේ පෙම්වතියව අල්ලගෙන ඉතාම අමාරු ඒ දණ්ඩක් තරණය කරනවා කියලා. හැබැයි ඔයා වැටෙන්න ගියොත් ඔයාට පෙම්වතියගේ අත අතහැරෙන්න පුළුවන්. එත් ඔයාගේ පෙම්වතියත් ඔයාගේ අතින් අල්ලාගෙන හිටියොත් ඔයා වැටෙන්න ගියත් එයා වැටෙන්න ගියත් අනතුරක් නැතුව දෙන්නටම බේරෙන්න පුළුවන්. ඔය අත් අල්ලාගැනීමේ රහස කිව්වේ කායිකව අත් අල්ලා ගැනීම නම් නෙවෙයි. මොකද ආදරේ ඇති වෙන්නේ හිත් දෙකක් තුල. ඔය හිත් දෙක අල්ලගන්න පුලුවන්නම් හරියට එක තමයි ජය ගැනීමේ මග වෙන්නේ.

ජිවිතේ ගොඩක් දේවල් අපිට හරියට ස්පර්ශ වෙන්න නම් ඒ දේවල් අපෙන් ඈතට ගිහින් තියෙන්නම වෙනවා. සමහරක් විට ආපහු ඒ දේවල් අපි ලගට එන්නත් පුළුවන් , නොඑන්නත් පුළුවන්.මම කියන්නේ මිනිස්සු ගැන නෙවෙයි ඒ හැගීම් ගැන. සමහර වෙලාවට ආදර සම්බන්ධතා බිදිලා ගියාම ආදරේ කියන හැගීමම අපිට එපා වෙලා යනවා. සමහර වෙලාවට අපි අකමැතිම දේවල් සිද්ධ වෙද්දී සතුට කියන හැගීම අපිට නැති වෙලාම යනවා. හැබැයි මතක තියාගන්න තියෙන්නේ ඔය හැම හැගිමකටම වඩා වටින්නේ ජීවිතය. හැගීම් කියන දේවල් අපි කාටවත් මනින්න බැහැ. 


හිතන්නකෝ ඔයාට පුලුවන්ද ඔයාගේ ආදරේ මෙච්චරයි කියලා මනින්න. කවදාවත් ඔයාට පුලුවන්ද ඒක කරන්න. බැහැ නේද ? හැබැයි අපි කියන්නේ නම් අච්චරක් ආදරෙයි මෙච්චරක් ආදරෙයි කියලා. එත් ඒවා බොළද උත්තර කියලා අපි හැමෝම දන්නවා. ආදරේ කියන්නේ වෙලාවකට ඔය වගේ හරි බොළද දෙයක් , වෙලාවකට හරිම සංකීර්ණ දෙයක්.

සමහර පුංචි පුංචි දේවල් ආදරේදී මහා ලොකු ප්‍රශ්න වෙන්නත් මහා ලොකු කාලයක්ම ඕන වෙන්නේ නෑ. නිකන් හිතන්නකෝ ඔයාට දෙනවා පුංචි සබන් කෑල්ලක් ඔයාගේ වමත උඩ තියාගෙන ඉන්න කියලා. ඔයාට පුලුවන්ද ? ඔව් ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන් මොකද ඒක එච්චරක් බරක් නෙවෙයි. හැබැයි හිතන්නකෝ ඒ සබන් කෑල්ල ඔයා පැය 5-6 ක් එක දිගට තියාගෙන හිටියොත් , එහෙම නැත්නම් දවසක් තියාගෙන හිටියොත් ?.... 


මොකද උණේ සබන් කෑල්ලේ බර වැඩි උනාද ? නෑ නේ නේද ? හැබැයි ඔයාට දරාගෙන ඉන්න අමාරු වෙනවා.ඒ වගේ තමයි ජිවිතේදී ආදරේදී ඇතිවෙන පුංචි පුංචි ප්‍රශ්න උනත් ඒ වෙලාවේදී අපි එතනින් තියල යන්න ඕනා. අපි ඕක අල්ලාගෙන හිටියොත් අපිට කවදාවත් චාරිකාව යන්න වෙන්නේ නෑ.

අනිත් දේ තමයි අපිට ගැලපෙනම කෙනා එකපාරම ලැබෙන්න ඕනා කියලා කවුරු හරි හිතං ඉන්නවනම් , එකත් වැරදි මතයක් .සමහර විට සුදුසු වෙලාව ආපුවම ඔයාට සුදුසු කෙනා මුණගැහෙන්න පුළුවන්. එතකං ජිවිතයට නිදහසේ ගලාගෙන යන්න දෙන්න. සීමා මායිම් දාගන්න එපා , දාන්න දෙන්නත් එපා. සුදුසු කෙනා ඔයාව සුදුසු තැනකට අරගෙන යාවි. දාලා ගියපු අයට සතුටින් සුබ පතන්න. සමහරක් විට එයා ඔයාව ඊට වඩා සුදුසු කෙනෙක් ගාව ඉන්න සුදුසු විදියට හදලා යන්නත් පුළුවන්. 


ඒක මෙහෙමයි සමහරක් විට ඔයාට කියවන්න අලුත්ම පොතක් නොලැබෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා ඒ පොතේ වටිනාකම නම් අඩු වෙන්නේ නෑ . සමහරක් විට කලින් කියවපු අය ඒ පොතේ තිබුණ වැරදි අඩුපාඩු එහෙමත් හදලා තියෙන්න පුළුවන් . අපේ ජිවිතත් ඒ වගේ.
ජිවිතේ හැම දෙකින්ම ගන්න පුළුවන් හොදක් තියෙනවනම් ගන්න. ඒ වගේමයි මේ ලියවිල්ලෙන් උණත් ගන්න පුළුවන් දෙයක් තියෙනවානම් ගන්න. නැත්නම් මුගේ මනස්ගාත කියලා අමතක කරලා දාන්න. 




---+----+----+----+----+----+----+----+----+----+----+----+----+----+---

විශේෂයෙන් ජිවිතේ එක් දුෂ්කර පරිච්ජෙදයකදී  වචනෙකින් හරි හිත හදපු , කතා කරපු ඔයා වෙනුවෙන්. 

 {සමහර කරුණු අන්තර්ජාලය ඇසුරිණි }



9 comments:

  1. සිතු ව ලෙස දිවි ගමන යන්නට හැමෝටම ලැබුනේ නැතී
    පැතු ව ඔහු හෝ ඇයම දිනයක ළඟට එයි සැනසුම ඇතී
    මතුව එන සෙනෙහසම දෙහදෙහි සුරැකුවොත් වඩවා බැතී
    යුතුව ඇත එය විඳීමට නිති එවිට හද සන්සුන් වෙතී....

    ජයවේවා!!!

    ReplyDelete
  2. අපුරුයි ලියමන

    ReplyDelete
  3. ම්ම් වටින උපදෙස් ටික

    ReplyDelete
  4. ජිවිතේදී ආදරේදී ඇතිවෙන පුංචි පුංචි ප්‍රශ්න උනත් ඒ වෙලාවේදී අපි එතනින් තියල යන්න ඕනා+++++++++++++++

    ReplyDelete
  5. අනිත් දේ තමයි අපිට ගැලපෙනම කෙනා එකපාරම ලැබෙන්න ඕනා කියලා කවුරු හරි හිතං ඉන්නවනම් , එකත් වැරදි මතයක් .සමහර විට සුදුසු වෙලාව ආපුවම //ඔයාට සුදුසු කෙනා මුණගැහෙන්න පුළුවන්. එතකං ජිවිතයට නිදහසේ ගලාගෙන යන්න දෙන්න. සීමා මායිම් දාගන්න එපා , දාන්න දෙන්නත් එපා. සුදුසු කෙනා ඔයාව සුදුසු තැනකට අරගෙන යාවි. දාලා ගියපු අයට සතුටින් සුබ පතන්න. සමහරක් විට එයා ඔයාව ඊට වඩා සුදුසු කෙනෙක් ගාව ඉන්න සුදුසු විදියට හදලා යන්නත් පුළුවන්.//

    සහතික ඇත්ත..........

    මේකත් බලන්න
    https://thadiya1.blogspot.com/2017/08/2.html

    ReplyDelete
    Replies
    1. අහ්හ් මම එන්නම්කෝ ඔය පැත්තේ

      Delete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...