Wednesday, August 2, 2017

කුළුදුල් සිහින 05



 "කුලුදුල් සිහින" කියන්නේ ලියන්න ආසාවක් ආපු නිසා මම ලියන පුංචි කතාවක්. මෙහි සදහන් සිද්ධි හෝ ස්ථාන කිසිවෙකුට අදාලත්වයක් නෑ යි කියලා ආයෙත් මතක් කරන්න ඕනා. ඉතින් පලවෙනි කොටස, දෙවෙනි කොටස  , තෙවන කොටස, සිව්වන කොටස ,බලපු නැති අය මෙතනින් ඔබලා  කියවලම එන්නකෝ.

-+----+-----+-----+----+----+-----+-----+----+----+-----+-----+---
“මේ සහස් අපි අද KFC යමුද ? අනේ ඔයාට වැඩ කියලා නම් කියන්න එන්න එපා මට හරිද . දවස් ගානක් තිස්සේ ඔයාට මං ගැන ගානක් වත් නෑ . ඔයාගේ වැඩ විතරක් කර කර ඉන්න “

“හරි බබෝ යමුකෝ ඉතින්. දැන් එහෙනම් ඉක්මනට වොෂ් එකක් දාගෙන අර ලස්සන අත් දිග බ්ලවුස්  එකත් එක්ක ඩෙනිම දාගෙන එනවද තව පැය බාගෙකින් පල්ලෙහාට . මම එන්නම් බෝඩිම ගාවට “

“ෂෝක් එකට තියෙයි, බෝඩිමේ ඇන්ටි මාව ගහලා පන්නයි . කොල්ලෝ එනවා කියලා බෝඩිම ගාවට. පිස්සු නැතුව එහෙනම් පැයකින් එන්නකෝ campus එකේ ගේට්ටුව ගාවට . මම තියනවා . මෝඩයා . වෙලාවට එනවා හරිද “
මාත් නදී ගේ call එක ඉවර  උනාට පස්සේ රෙදි ටික හෝදලා වොෂ් එකක් දාන්න කියලා ගියා. දවස් ගානකින් රෙදි හෝදන්නත් බැරි උණා. දැන් කන්දක් වගේ.
-+---+---+---+---+---+---+---+---+---+---+---+---+---+---+---
“මොකද මට අදුරන්න බැරි , ඉතින් මොකද ලංකාවට ආවේ ? විශේෂ හේතුවක් වත් ? “ 
”අනේ නෑ මිසිස් .අනුත්තරා , අවුරුදු 25 කට කලින් මට ජිවිතේ කෙනෙක්ගෙන් දෙයක් අහන්න බැරි උණා . ඒ කෙනා මාව දාල යන්නම ගියා. මට තේරුණේ මම වැරදි කියලා විතරයි. එත් අවුරුදු 25 කට පස්සේ මට හිතුනා ඒ කෙනා හම්බෙන්න කියලා , මම දන්නවා ඒ කෙනා මට දැන් අයිති නෑ කියලා . කොහොමත් හිමි කරගන්න දේම නෙවෙයි නේ ආදරේ කියන්නේ නේද මිසිස් .අනුත්තරා ? “
“සහස් , අනුත්තරා කිව්වම ඇති. මිසිස් කෑල්ලක් ඕන නෑ . කියන්නකෝ දැන් ඔයාට මගෙන් මොකක්ද ඔච්චරම දැනගන්න තියෙන්නේ . අනික ඔයා කවදාවත් ආයෙමත් ලංකාවට එන්නෙම නෑ කියලා නේද හිටියේ .

“අනුත්තරා ඔයා ඇත්තටම වෙනස් උණා. අපි ගොඩක් ආදරෙන් හිටියේ. එත් අපිට අපිවම එපා වෙන්න තරම් , අනේ මන්ද සිද්දි ගොඩක් සිද්ද උනා. ඒ හැම දේම දන්නේ ඔයා. අවුරුදු 25 ක් මම බලාගෙන හිටියා. මට ඕන උත්තරේ විතරයි. මම ආයෙත් ඔයාගේ ජීවිතේට එන්නේ නෑ. “



නෑ නෙවෙයි ඇත්තටම එන්න වෙන්නේ නෑ කියලා , ඒ මොහොතේ වත් සහස් ට තේරුණේ නෑ.

සහස්ට අනුත්තරා ලොකු කතාවක් කියන්න ගත්තා. එත් අනුත්තරාට තමන්ගේ දුව ඉස්සරහ මේ වගේ දෙයක් කියනවට වඩා පස්සේ හම්බෙලා කතා කරන එක හොදයි කියලා හිතුනා. එකයි දුව අනුත්තරා පැත්තට එද්දී කතාව මාරු කලේ.
-+---+---+---+---+---+---+---+---+---+---+---+---+---+---+---+--
“මැට්ටි happy birthday ඔයාට , කියනවා දැන් මොනවද ඕනා මගෙන් “

“මට මුකුත් එපා , හැමදාම ආදරෙන් ඉන්නවද කියන්නකෝ “
“ජිවිතේ තියෙන තරම් ඉන්නවා මැට්ටි . පිස්සු නැතුව කියනවා මොනවද ඕනා.”

“අපි යමු අද පන්සල් , මට 11.15 ට ලෙක් ඉවරයි. ඔන්න අර සුදුපාට t එක  ඇදන් එන්න හරිද , තව මට ලොකු චොක්ලට් එකකුත් අරන් එන්න “

ආදරේ සාගරේ වගේ ගෙවිලා ගියා මගෙයි එයාගෙයි ආදරේට ප්‍රශ්න නාවම නෙවෙයි එත් අපි හැමදේම ඉවසුවා අපි වෙනුවෙන් . මගේ අන්තිම අවුරුද්ද campus ජිවිතේ. මගේ මැට්ටි දැන් 3 වෙනි අවුරුද්දේ. අපි ගොඩක් සතුටින් හිටියේ. මේ දේ වෙද්දීත් අපි ගෝල ෆේස් එකේ උණු උණු ඉස්සෝ වඩේ කකා හිටියේ. එයා එක පාරටම කහින්න පටන් ගත්තා. මුලින් අමුත්තක් නොවුනත් ඒ කැස්ස අඩු උණේ නෑ. හැබැයි වතුර ටිකක් බිව්වට පස්සේ අඩු උනා.එත් එයාගේ ලේන්සුවේ ලේ තිබුනා. මට ගොඩක් බය හිතුනත් මම එයාට එක පෙන්නුවේ නෑ , මොකද එයාව බය කරන්න මට ඕන උනේ නෑ. මම එයාත් එක්ක ආපහු බෝඩිමට එන්න ආවා.

“සහස් , මට කියන්න දෙයක් තියෙනවා “
-+---+---+---+---+---+---+---+---+---+---+---+---+---+---+---+-

10 comments:

  1. ම්ම්... අදත් අවසානය ප්‍රශ්නයක්. ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තව ටික දවසකින් ප්‍රශ්න සේරටම උත්තර ලැබෙනවා ;-)

      Delete
  2. Haiyata munchee lemon puff wge...

    ReplyDelete
  3. ලෙමන්පෆ්ම තමා...

    ReplyDelete
  4. එහෙනම් ඉතින් ඊ ළඟ කොටහ ඉක්මනට දෙන්නකෝ

    ReplyDelete
  5. වෙලාවට මන් අන්තිම කොටස මුලින්ම කියෙව්වෙ :-)

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...